වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොරව සියලු‍ දෙනා සමගියෙන් එක්වී රට දියුණු කිරීමට ක්‍රියාකළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පෙන්වා දෙනවා.

මේ අතර සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් අස්ගිරි මල්වතු මහා විහාර කේන්ද්‍රකොටගෙන දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්‍රය අද පෙරවරුවේ අස්ගිරි විහාරයේදී සිදු කෙරුණා.

මෙය පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයක් වනවා .

ඒ අනුව අලු‍ත් අවුරුදු උදාවට පෙර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව නියෝජනය කරන සියලු‍ම නා හිමිවරුන් සහ අස්ගිරි විහාරවාසී භික්ෂූන් වහන්සේ සියලු‍ දෙනා අස්ගිරි මහ නා හිමි අති පූජ්‍ය වරාකගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් වහන්සේ වැඩ වසන නිල ආරාමය වෙත පැමිණ උන් වහන්සේ වෙත දැහැත් පිළිගන්වා නව වරසට ආශිර්වාද ලබාගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

ඉන් අනතුරුවයි ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙළට අනුව දැකුම් ගමන් යාම සිදුකරනු ලබන්නේ.

WhatsApp Group

Skip to content