13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවයි.

https://www.vnews.lk/storage/2023/07/RANIL-EDIT-1.mp3?_=1

කෙසේ වෙතත් උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සදහන් කරමින් සමුළුවට සහභාගී වීමෙන් පසු සමගි ජන බලවේගය චෝදනා කළා.

https://www.vnews.lk/storage/2023/07/MIX-EDIT-01.mp3?_=2

එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ව්‍යායාමය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවටයි ඇතැම් දේශපාලන පක්ෂ චෝදනා කළේ.

https://www.vnews.lk/storage/2023/07/MIX-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content