ශ්‍රී දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අඛණ්ඩව විදුලිය සැපයිම සදහා ලංකා විදුලිබල මණ්ඩලය එක්කෝටි තිස් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස පසුගියදා දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය විසින් දරනු ලැබුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉන් කොටසක් ශ්‍රී දළදා මාලිගාව මගින් දැරිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content