දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි.
දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටිනවා.

WhatsApp Group

Skip to content