දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පිළිබදව විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බෞද්ධල හින්දුල කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයල විභාග මධ්‍යස්ථාන 669 කදී දෙසැම්බර් මස 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් මගින් යොමුකර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.

ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන් හට ඔවුන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකි බවද සදහන්.

WhatsApp Group

Skip to content