කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළ දැරියගේ සිරුරේ ඇතැම් ස්ථානවල දුම්වැටිවලින් පුළුස්සා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට මුහුණ දී ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත දැරියක් බවටයි වාර්තා වන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අදාළ දැරිය ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙන ලෙසටයි.

වැල්ලම්පිටිය පොලිසිය මඟින් මෙම දස හැවිරිදි දැරිය සම්බන්ධයෙන් ලබා ගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සිය මව භාරයේ තබා මෙම දැරිය රෝහල්ගත කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

පාසල තුළදී මෙම සිසුවියගේ හැසීරිමේ යම් කිසි වෙනසක් දුටු පන්තිභාර ගුරුවරිය ඇයව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදි දැරිය අවස්ථා 8 කදී පමණ බරපතල අන්දමින් දූෂණයට ලක් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුව ඇය කොළඹ පාසලක සිසුවෙකුගේ නමක් ප්‍රකාශ කර තිබුණද හඳුනාගැනීමේ පෙරට්ටුවේදී ඇය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවටයි පොලිසිය සදහන් කළේ. මේ අනුව මෙම දැරිය දූෂණය කළ පුද්ගලයින් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ.

WhatsApp Group

Skip to content