දරුවන් සිගමනට යොදවා සිටින්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ දරුවන් සිගමනට යෙදවීමේ සිද්ධීන් කොළඹ ඇතු`ඵ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සුලබව වාර්තා වන බවයි.

විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්, දරුවන් වැඩි වශයෙන් සිගමනට යොදවන බව ද ඔහු පැවසුවා.

WhatsApp Group

Skip to content