සමාජ මාධ්‍යයේ සැරිසරන හඬ පටවල සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ එවන් රෝගයක් පැතිර යන්නේ නම් ඒ පිළිබද ප්‍රථමයෙන් තම රෝහලට වාර්තා වන බවයි.

අදට යෙදී තිබෙන ලෝක එක්සීමා දිනය හෙවත් චර්ම ප්‍රදාහ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/SRIYANI-SAMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content