වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

වෛද්‍යවරයා පැවසුවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබද කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි.

අදාළ එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ එන්නත් බව ද වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කළා.

ඒ අනුව එම එන්නත් දරුවන්ට ලබා දීම සදහා දෙමාපියන් කටයුතු කළ යුතු බවයි වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content