පාසල් සිසුන්ට දිවා ආහාරය අසුරාගෙන ආ පොලිතීන් දවටන ආහාරයට ගන්නා ලෙසට බල කළ රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කලාපයේ පාසලකට මාරුකර යවා තිබෙනවා.

අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාසල් සිසුන් හට, දිවා ආහාරය අසුරාගෙන ආ පොලිතීන් සහ කඩදාසි බලහත්කාරයෙන් කැවීමේ සිද්ධියක් නාවලපිටිය – රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඊයේ දින වාර්තා වුණා.

අදාළ සිද්ධිය පිළිබදව ඊයේ දිනයේදීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන තිබෙනවා.

එහිදි අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි.

මෙලෙස පොලිතීන් ආහාරයට ගැනීමට සිදු වූ සිසුන් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content