පාසල් කාලය තුළදී දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිගු ඇඳුම් ඇඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 27ක්.

ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර පාසල් සිසුන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් පාසල් දරු දැරියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බවයි ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුවේ දී සදහන් වී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content