වයස අවුරුදු 12 න් පහළ දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ 88 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි.

1936 වසරේ ජූලි මස 03 වන දා රාජ්‍ය ආයතනයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානය රජයට පවරාගෙන තිබෙනවා.

අක්කර 62 ක භූමි භාගයක විහිදි ඇති මෙම සත්වෝද්‍යානයේ දේශීය සහ විදේශීය සත්ව විශේෂ 220 කට අධික ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content