ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය මගින් මෙම අධිකරණය නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ලෙසින් කටයුතු කිරීම සහ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත සාවද්‍ය නිර්දේහ ඉදිරිපත් කිරීම වළක්වාලමිනි.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නිකුත් කරන ලද අදාණ නියෝගය එළැඹෙන 21 වනදා දක්වා බලාත්මක වනවා.

අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

WhatsApp Group

Skip to content