ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය දා නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ලබන 29 වන දා දක්වා එම වාරණ නියෝගය දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය පසුගියදා නිකුත් කළා.

WhatsApp Group

Skip to content