පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව නිදහස් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අහියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

දයාසිරි ජයසේකර මහතා  දැරූ පක්ෂ මහ ලේකම් ධූරය සඳහා නිදහස් පක්ෂය විසින් පත් කළ සරත් ඒකනායක මහතාට  එම ධුරයේ කටයුතු කිරීම ද වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content