ලිපිකාරිනියකගේ වැටුප් වැඩි කිරීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන දඹුල්ල ප්‍රදේශයේ හෝටල් සමූහයක මානව සම්පත් කළමනාකාරවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

59 වන වියේ පසුවන මෙම මානව සම්පත් කළමනාකාරවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පුසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද පළමු නඩුව මෙය වනවා.
ඒ් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය යටතේයි.

සැකකාර මානව සම්පත් කළමනාකාරවරයා අදාළ ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම සඳහා වැටුප් වැඩි කිරීමක් සහ 75%ක දීමනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ ලිපිකාරිණිය හබරණ ප්‍රදේශයේ වෙන් කර ගන්නා ලද හෝටල් කාමරයක් වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේදී මානව සම්පත් කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ කාන්තාව සිය හෝටල් කළමනාකාරවරයාට දැනුම්දීමෙන් පසුව සිදු කරන ලද වැටලීමකදීයි.

පැමිණිලිකාරිය ඒ් වන විටත් එ් වන විටත් එම හෝටලයේම තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන සිට තිබෙනවා.

කොමිස අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 

WhatsApp Group

Skip to content