ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවගියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ අවසන් වටයේ පළමු තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 6ක් පරාජයට පත් කරමින්.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලසික් කෲස්පුල්ලේ පන්දු 61දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී කුසල් ජනිත් පෙරේරා ලකු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ඊයේ රාත්‍රියේ පැවති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ලකුණු 61ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් හමුවේ පරායට පත් වූ තෙවරක් ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188ක්.

එහිධී මොහොමඩ් හාරිස් ලකුණු 79ක් රැස් කළ අතර පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 40ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බී ලව් කැන්ඩා කණ්ඩායමේ නායක වනිදු හසරංග ලකුණු 9ට කඩුළු 6ක් බිඳ හෙළනු ලැබුවා.

WhatsApp Group

Skip to content