දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවලු තොග මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහළ යාමක් දක්නට ලැබේ. පසුගිය දිනවල පැවැති අධික එළවලු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ
මුරුංගා, කැරට් හා මාලු මිරිස්,ගෝවා බෝංචි හැරුණු විට සෙසු එළවල තොග මිල කිලෝවක් රු. 300ට අඩු අගයන් වාර්තාවීමක් දක්නට ලැබේ. මුරුංගා කිලෝවක් රුපියල් 900ත් 1000ත් අතරත් කැරට් 320ක් මාලු මිරිස් රු 400ක්, බෝංචි රු.280ත් 300ක් ගෝවා 350ක් වැනි මිල ගණන් වාර්තා වුවත් සෙසු එළවලු බොහොමයක මිල ගණන් අඩුවී තිබේ. විශේෂයෙන් අමු මිරිස් මිළ රු. 300ක් දක්වා අඩුවී තිබීමද විශේෂත්වය කි. වැටකුළු රු. 70ක් 80ක්, පිපිඤ්ඤා හා රාබු 30ත් 50ත්, වම්බටු 160ක්, වශයෙන් තොග මිල ගණන් අඩුව තිබෙනු දක්නට ලැබේ.
වසරේ සමහර කාලවලදී වට්ටක්කා අලෙවි කරගැනීමටත් නොහැකි තත්වයන් දක්නට ලැබුණද දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ තවමත් රු. 200ක් වැනි මිල ගණන්වලට අලෙවි වනු දක්න ලැබේ.

WhatsApp Group

Skip to content