මෙවර ජනාධිපතිවරණය සඳහා දමිළ දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද දින (08) නම් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නම් කිරීම අද පෙරවරුවේ යාපනයේ දී සිදුවන බවට වාර්තා වන අතර මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා යන මහත්වරුන් මෙලෙස දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී ඇති අතර, ඉන් වැඩි පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ පී. අරියනේන්ද්‍රන් මහතා වෙතයි.

WhatsApp Group

Skip to content