වෙසක් දිනවල දන්සල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරනු ලබනවා.
එසේ වුවද ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවටයි මහජන සෞඛ්‍ය පරීකෂකවරු චෝදනා කරන්නේ.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් දන්සල් ලබාදීමට ජනතාවගේ සුදානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

දන්සල පැවැත්වීමට දින තුනකට පෙර එම දන්සල ලියාපදිංචි කිරීමක් සිදුකළ යුතු වනවා.
එසේම දන්සල් ලබාදීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලියාපදිංචි වන ලෙසද එම සංගමය දැනුම් දෙනු ලබනවා.
එසේ ලියාපදිංචිවන අවස්ථාවේදි දන්සල් ලබාදීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ලබාදීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු සූදානම්කර තිබෙනවා..

WhatsApp Group

Skip to content