දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධන පනතේ ගැටළු සහගත තැන් කිහිපයක් තිබෙන බැවින් ඒවා වෙනස් කිරීමට කටයුතු කළයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව ලිංගික සේවනය සඳහා ගැහැණු ළමුන්ගේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා අඩු කිරීම සහ බාලවයස්කාර පිරිමි වරදකරුවෙකු අවුරුදු 22ට අඩුනම් දඩුවම් ලිහිල් කිරීම යන කරුණු මෙම සංශෝධනයේ ඇතුලත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

මේ පිළිබඳ අධිකරණ අමාත්‍යයරයාගේ අවධානය යොමු කර පියවරක් ගන්නා බව ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content