දකුණු පළාත භීතියට පත්කරමින් මනූෂ්‍ය ඝාතන සිදුකරන ප්‍රධාන අපරාධකරුවෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී මනුෂ්‍ය ඝතනයක් සිදුකළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවයි.

සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකි.

අදාළ සැකකරු මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර  දැනට විදේශගත වී සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබූ අතර සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත.

දොඩන්ගොඩ පොලිස් වසමේ දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගැනුණා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්, කාර් රථයක්, දුරකථනයක්, ව්‍යාජ අංක තහඩු 02ක් ද  පොලිස් භාරයට ගෙන තිබුණා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ 2023.08.15 වන දින තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරීමට අදාළ වෙඩික්කරුවන් එම ප්‍රදේශයට රැගෙන යෑම සහ වෙඩිතැබීම අවසානයේ වෙඩික්කරුවන් රැගෙන ඒම සඳහා ප්‍ර‍වාහන පහසුකම් සපයා ඇත්තේ මෙම සැකකරු විසිනි.

WhatsApp Group

Skip to content