දකුණේ පාතාලය මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් හෙට සිට දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති වාර්තාවනවා..
දකුණේ හිස ඔසවමින් තිබෙන පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් එම පොලිසිවලින් ඉවත්කර කිරීමටද කටයුතු කර ඇති වැව සඳහන්.

මේ අනුව දකුණේ අපරාධ මැඬලීමේ නව මෙහෙයුම අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් මාරුකර යැවීමටද තීරණය කර තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා වහාම මාරුකර ඒ වෙනුවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි මහේෂ් සේනාරත්න මහතා දකුණු පළාතට අනුයුක්ත කර යැවීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

 

WhatsApp Group

Skip to content