දුම්රියෙන් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව බෙලිඅත්ත සිට මරදාන දක්වා දුම්රියෙන් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි.

ජුනි 29 වනදා අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ලෝක බැංකුවේ ආධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content