දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content