දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද දිනයේ සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේ අද දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ලක්ෂපාන සිට මෙගාවොට් 800ක් දකුණු පළාතට සම්බන්ධ කළ හැකි බවයි නන්දික පතිරගේ මහතා සදහන් කළේ.

මේ අතර සමනලවැව ජලාශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට අද සිට හැකියාවක් නොමැති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වනවිට ජලාශයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජල ප්‍රමාණයෙන් ඇත්තේ මීටර් දශම 7 ක් පමණක් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content