දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හදුන්වාදීමේ කටයුතු හෙට දිනයේ සිට ඔක්තෝම්බර් මස 02 වන දින දක්වා දකුණු පළාත තුළ අත්හිටුවන බවටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අනුව එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන ලෙසටයි අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමද සැප්තැම්බර් මස 24 වන දා සිට ඔක්තෝම්බර් මස 06 වන දා දක්වා අත්හිටුවා තිබෙනවා.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන්ට වන අපහසුතාවය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ඔක්තෝම්බර් මස 06 වන දා දක්වා කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සදහා සහන කාලයක් ලබා දෙන බවටයි වාර්තා වන්නේ.

 

 

WhatsApp Group

Skip to content