තද සුළං සහ මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස එම නිවේදනයේ සදහන්.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර දකුණු පළාතට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගංගා දෙකක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.

අකුරැස්ස ප්‍රදේශයට දින දෙකක සිට තද වර්ෂාපතනයක් ලැබෙන අතර මේ හේතුවෙන් නිල්වලා ගග පිටාර මට්ටමකට පැමිණ තිබෙනවා.

ගංගාවල ජල මට්ටම් වැඩි වීමත් සමග පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content