දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් අපරාධ සදහා යොදා ගන්නා AK47 වර්ගයේ ගිනි අවියක් සහ ඇමෙරිකාවෙ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් ද සමඟින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනි අවි සඟවා තබා ගැනීමට ආධාර අනුබල දීම, හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80 සහ 9mm උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගිසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සමග මුලටියන සහ මාකදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36, 43, 44, 51, ක් වන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොවුත්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී හෙළිවූයේ මියගොස් සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධූෂ් යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවෙකු වන රොටුඹ රසික යන අයට අයත් බවටත්, ඉහත පරිදි අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් උපයෝගී කරගනිමින් මෙම ගිනි අවි සඟවා තැබීම හා රොටුඹ රසික යන අය මෙහෙයවනු ලබන අපරාධ කටයුතු වෙනුවෙන් ගිනි අවි සැපයීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.06.30 වන දින මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර තිබුණා.

WhatsApp Group

Skip to content