දකුණු කොරියාවේ සෝල් අගනුවරදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර වාහන 02 ක ගැටී පදිකයින් පිරිසකගේ ද ඇඟේ ගැටී ඇති බව සඳහන්.

අනතුරු සිදුවූ ස්ථානයේදීම පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content