එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය අද පැවැත්වෙනවා.

ඉන්දියාවේ පූනේ හිදි පැවැත්වෙන මෙම තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත්, තෙවන ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත් පසු වනවා.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

WhatsApp Group

Skip to content