එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32 වැනි තරඟයෙන් නවසීලන්තය පරාජය කරමින් ලකුණු 190 දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 357ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රසී වැන් ඩර් ඩසන් ලකුණු 133ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 114ක් රැස් කළා.
පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 77ට කඩුළු 2ක් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

මෙහිදී ග්ලේන් පිලිප්ස් පන්දු 50දී ලකුණු 60ක් රැස් කළා.

පන්දු යැවීමේදී කේෂාව් මහරාජ් ලකුණු 46ට කඩුළු 4ක් සහ මාර්කෝ ජන්සෙන් ලකුණු 31ට කඩුළු 3ක් බිඳ හෙළුවා.

 

WhatsApp Group

Skip to content