එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 38න් පරාජයට පත් කරමින්.

මෙම තරඟය ඉතිහාසගත වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව නෙදර්ලන්ත කණ්ඩායම වාර්තා කළ පළමු එක්දින තරඟ ජයග්‍රහණය ලෙසයි.

මෙම තරඟය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඉනිමක් පන්දුවාර 43ට සීමා කරනු ලැබුවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245ක්.

එහිදී නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී පන්දු 69 කදී ලකුණු 78 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලුනිග් එන්ඩිගී, මාර්කෝ ජන්සෙන් සහ කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

මෙම තරඟ ජයග්‍රහණයත් සමග මෙතෙක් 09 ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි ස්ථානයට ඇද දමමින් 09 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content