පැල්මඩුල්ල, කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගල කන්දේ හටගෙන තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ.

ගින්න හේතුවෙන් අක්කර 07ක පමණ කැලෑ ප්‍රදේශයක් ගිනිගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content