තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබෙනවා.

නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බවයි වාර්තා වී ඇත්තේ.

විශේෂයෙන් රජය විසින් තේ වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තේ වතුවල ඇති පැළ පුරප්පාඩු සිටුවීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් බොහෝ වැවිලි සමාගම් මෙතෙක් තේ වගාවන්ට පොහොර යෙදීමට හෝ පුරප්පාඩු වී ඇති ස්ථානවල පැළ සිටුවීමට ද කටයුතු කර නොමැති බව සඳහන්.
මේ සියල්ල සැලකිල්ලට ගෙනයි තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස අමත්‍යවරයා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content