මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි.

ලබාදී ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත්, විදෙස් ගැණුම්කරුවන් 50 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇති.

ලංකා තේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳපොළ තුළ ලැබූ ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් ඔවුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමට ද නියමිතයි.

මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන්, තේ වගා බිම් මෙන්ම කර්මාන්තශාලා ද නිරීක්ෂණය කරනු ඇති.

WhatsApp Group

Skip to content