තේ මිල අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පැවසුවේ රුපියලේ අගය ඉහළ යාමත් , තේ සැමයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට හේතු වී ඇති බවයි.

සාමාන්‍ය තේ කිලෝවක් රුපියල් 1500ක මුදලකට අලෙවි වුවද මේ වන විට එය රුපියල් 1000 දක්වා අඩු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

රුපියල් 300කට ආසන්න මුදලකට අලෙවි වු අමු තේ දළු කිලෝවක මිල ද මේ වන විට රුපියල් 160ක් දක්වා අඩු වී ඇති බව ද තේ කර්මාන්තශාලා හිමියන් පවසනවා.

WhatsApp Group

Skip to content