ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර තිබේ.

ඒ මහතා මින්පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජවැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය යන ආයතනවල සභාපති ධුරයේ කටයුතු කර තිබේ.

මීට අමතරව හම්බන්තොට වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක ද ඒ මහතා තනතුරු දරා තිබේ.

WhatsApp Group

Skip to content