දෙනියාය නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රැගෙන කොළොන්නේ පිහිටි සිය නිවස වෙත යමින් සිටි තේ දළු ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා.

අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් කොළොන්න පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඉන් අනතුරුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඔහු ගමන් ගත් වෑන් රථය කොළොන්න – පනින්කන්ද, නාන්පීල්ල අසළ මාර්ගයේ සුසාන භූමියක් අසළ තිබී සොයාගෙන තිබෙනවා.

කොලොන්න පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content