තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ලංකා තේ මණ්ඩලය මේ බව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රමයන් වන ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට අනුව තේ දළු වෙන්දේසි කිරීම වහාම අරඹන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා .

ඒ අනුව මෙම ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර ඇතුළලත ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහාම සකසන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content