තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ ඔවුන් එම අලෙවි සැලේ මුරකරුවන් බැඳ දමා මෙම වාහන මංකොල්ලය සිදුකර ඇති බවයි.

කොල්ලකෑ වාහන අතුරින් ජීප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුන අතර වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙනා  අත්අඩංගුවට ගෙන ඇත.

WhatsApp Group

Skip to content