ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 දාට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණද ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content