තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ගිනිඅවි බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කිරීම, තුවක්කු ආඥා පනතේ සංශෝධන සිදුකිරීමට මුලික අරමුණ වී තිබෙනවා.

මේ වන විට ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ගිනිඅවි ප්‍රමාණය 34,318ක් වන අතර එමගින් වාර්ෂිකව රජයට රුපියල් මිලියන 45ක මුදලක් හිමිවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content