තුර්කි – සිරියා දේශසීමාවේ පෙරේදා ඇති වූ භූකම්පණයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගල මරණ 6ක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ.

මෙම භූකම්පණය තුර්කි – සිරියා දේශසීමාවේ පෙරේදා ඇතිවූ අතර, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන තිබුණා.

පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනක් වාර්ථා වූ අතර, එම භූකම්පණයෙන් මේ වනවිට පුද්ගලයින් 47,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනව බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content