තුර්කියේ භූකම්පනයෙන් විපතටපත් ජනතාව සදහා සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් බිලියනයක ලබා ගැනීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

මෙම අරමුදල මිලියන 5.2ක් වන විපතට පත් ජනතාවට මාස තුනක කාලයක් සදහා මානුෂීය සහන ලබා දීමට භාවිතා කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරන්නේ.

පසුගිය පෙබරවාරි 06වැනිදා ඇතිවූ මෙම භූකම්පනයෙන් පුද්ගලයන් 40,000ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූණා.

WhatsApp Group

Skip to content