තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.30 ට තුර්කියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

මීට වසර 10 ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය සිදු වූයේ මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමත් සමගයි.

තුර්කියේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමග මගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩිකර ගත හැකි බවටයි සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content