තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂ එරට ප්‍රාදේශීය මැතිවරණයේ මූලික වටයේ ඡන්ද ප්‍රතිඵල අනුව බලය තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ගණන් කළ ඡන්ද අනුව සියයට 50.05ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී පාලක පක්ෂය වන ඒ.කේ පක්ෂයට ගණන් කළ ඡන්ද අනුව සියයට 41.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බව සඳහන්.

තුර්කියේ ප්‍රාදේශීය මැතිවරණය ඊයේ දිනයේදී පැවති අතර, ඡන්ද ගණන් කිරීම ආරම්භයේදී ඡන්ද පෙට්ටි සියයට 49ක් විවෘත කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content