තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8 000කට ආසන්න බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම භූ කම්පනයෙන් 20 000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 11 000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එමෙන්ම ඇමරිකාව, බි්‍රතාන්‍ය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉරානය, ඉරාකය සහ ශ්‍රී ලංකාව ඇතු`ඵ ලොව පුරා රටවලින් ආධාර සහ සහන කණ්ඩායම් තුර්කියට පැමිණ සිටිනවා.

මේ අතර අද දිනයේද තුර්කියට රික්ටර් මාපංක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වුණා.

ප්‍රධාන භූ කම්පනයෙන් පසු තුර්කියේ දැනට සිදු වී ඇති පසු කම්පන සංඛ්‍යාව 120 ඉක්මවනවා.

පවතින තත්ත්වය හමුවේ තුර්කියට දින 7ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර භූ කම්පනයෙන් පසු තුර්කියේ හැටෙයි ගුවන්තොටුපළ ධාවන පථය දෙකඩ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content