තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසා තිබෙනවා.

ඒ් අනුව චාල්ස් රජු ඊයේ දිනයේ සිට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර ඒ් හේතුවෙන් මහජන රාජකාරී කටයුතු කල් දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මේවනතෙක් චාල්ස් රජුගේ පිළිකාව කුමන වර්ගයේ පිළිකාවක්ද යන්න අනාවරණ වී නොමැති බවද වාර්තා වනවා.
රාජ්‍ය නායකයාට නිල රාජකාරී ඉටු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එවන් අවස්ථාවන්හිදී රජු වෙනුනුවට පෙනී සිටීමට රාජ්‍ය උපදේශකයින් පත්කිරීමේ හැකියාවද පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

WhatsApp Group

Skip to content