බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ වැටලීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කර තිබු අතර එහිදී ආයතනයේ හිමිකරු සමග ලේඛන විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබුනා.

එම පුද්ගලයා සංචාරක වීසා බලපත්‍ර යටතේ පුද්ගලයින් යවා ඇත්තේ ඩුබායි රාජ්‍ය වෙතයි.

මෙම සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනහමාරත් පහත් අතර මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වුණා.
මූලික පරීක්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලයන් 400 ක් එලෙස විදේශ ගත කර ඇති බවයි.

මෙම නීතිවිරෝධී රැකියා නියෝජිත ආයතනය මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබුණා.

WhatsApp Group

Skip to content